ට තව,

0

දින

0

පැය

0

මිනිත්තු

0

තත්පර

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලංකාවේ විශේෂ උත්සවයකි. නැකත් අනුව කටයුතුකිරීම, කැවිලි අතුරුපස සහ ආගමික චාරිත්‍ර ප්‍රධාන වේ. පවුලේ සන්සුන්භාවය, මෛත්‍රිය හා එකමුතුබව ඉස්මතුකරමින්, මෙය සතුටුදායක උත්සවයකි. තෑගි හුවමාරු, ක්‍රීඩා, සහ සන්සුන් කාලයක් ලෙසද සැලකේ.

අප්‍රේල් මස
  3'21

සිංහල අවුරුදු චාරිත්‍ර

2025
නව සඳ බැලීම
අභිතව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 30 වන ඉරිදා දින ද, අභිනව සුර්යය වර්ෂය සඳහා මැයි මස 01 වන බ්‍රහස්පතින්දා දින ද නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 13 වැනි ඉරිදා දින දිඹුල් පත් යුෂ මිශ්‍ර භාහු හා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලූත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වැනි සඳුදා දින පූර්ව භාග 03.21 ට සිංහල අලූත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වන ඉරිදා අපර භාග 08.57 සිට පසුදා එනම් 14 වන සදුදා පූර්ව භාග 09.45 දක්වා පුණ්‍ය පුණ්‍ය කාලය බැවින් අප්‍රේල් මස 13 වන ඉරිදා දින අපර භාග 08.57 ට පළ මුව ආහාර පාන ගෙන සියළු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදීම ද, පුණ්‍ය කාලයේ අපර කොටස එනම්, අප්‍රේල් මස 14 වන සඳුදා පූර්ව භාග 03.21 සිට 14 වන සඳුදා පූර්ව භාග 09.45 දක්වා පහත දැක්වෙන අයුරින් ආහාර පිසීම, වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය ආදී නැකත් චාරිත්‍ර විධි ඉටු කිරීම ද මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වෙනි සඳුදා පූර්ව භාග 04.04 ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැද ගිණි මොළ වා කිරි බතක් ද, කැවිලි වර්ගයක් ක්ද, දී කිරි සහ විලඳ ද පිළ ියෙල කර ගැනීම මැනවි
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වෙනි සඳුදා පූර්ව භාග 06.44 ට මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලූ වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 16 වැනි බදාදා දින පූර්ව භාග 09.04 ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා හිසට කොහොඹ පත්ද, පයට කොළෙ ාන් පත්ද තබා කොහොඹ පත් යුෂ මිශ්‍ර තානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.03 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක් ද එලකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් අනුභව කර උතුරු දිශාව බලා පිටත්ව යෑම මැනවේ.
පැළ සිටුවීමට
අප්‍රේල් මස 18 වන සිකුරාදා දින පූර්ව භාග 10.16 ට විචිත්‍ර වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා පැළ සිටුවීම මැනවි.