ට තව,

0

දින

0

පැය

0

මිනිත්තු

0

තත්පර

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ලංකාවේ විශේෂ උත්සවයකි. නැකත් අනුව කටයුතුකිරීම, කැවිලි අතුරුපස සහ ආගමික චාරිත්‍ර ප්‍රධාන වේ. පවුලේ සන්සුන්භාවය, මෛත්‍රිය හා එකමුතුබව ඉස්මතුකරමින්, මෙය සතුටුදායක උත්සවයකි. තෑගි හුවමාරු, ක්‍රීඩා, සහ සන්සුන් කාලයක් ලෙසද සැලකේ.

අප්‍රේල් මස
  3'21

සිංහල අවුරුදු චාරිත්‍ර

2026
නව සඳ බැලීම
අභිනව චන්ද්‍ර වර්ෂය සඳහා මාර්තු මස 20 වන සිකුරාදා දින ද අභිනව සූර්ය වර්ෂය සඳහා අප්‍රියෙල් මස 19 වන ඉරිදා දින ද, නව සඳ බැලීම මැනවි.
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 13 වන සඳුදා දින දිවුල්පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයෙහි යෙදී වාසය මැනවි.
අලූත් අවුරුදු උදාව
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා දින පූර්වභාග 09.32 ට සිංහල අලුත් අවුරුද්ද උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 03.08 සිට එම දා අපරභාග 03.56 දක්වා පුණ්‍ය කාලය බැවින් ඊට පළමුව ආහාර පාන ගෙන සියලු වැඩ අතහැර ආගමික වතාවත්, ආධ්‍යාත්මික කටයුතු, දානමය පුණ්‍ය ක්‍රියා සහ පුණ්‍ය කාල චාරිත්‍රයන් හි නිරත වීමත් ආහාර පිසීම, අනුභවය, වැඩ ඇල්ලීම හා ගණුදෙනු කිරීම ආදී නැකැත් චාරිත්‍ර විධි පහතපරිදි ඉටුකිරීමත් මැනවි.
ආහාර පිසීම
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා පූර්වභාග 10.51 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දී කිරි සහ විළඳ ද පිළියෙල කර ගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 14 වන අඟහරුවාදා අපරභාග 12.06 ට රක්ත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභව කිරීම මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 15 වන බදාදා පූර්වභාග 6.55 ට පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී නැගෙනහිර දිශාව බලා හිසට කොහොඹපත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹපත් යුෂ මිශ්‍ර නානු හා තෙල් ගා ස්නානය කිරීම මැනවි.
රැකී රක්ෂා සඳහා පිටත්ව යෑම
අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06.27 ට ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී කිරි බතක් ද එලකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර දකුණු දිශාව බලා හෝ. අප්‍රේල් මස 20 වන සඳුදා පූර්වභාග 06.50 ට මුතු හා ස්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී ගිතෙල් හා තල මිහ්‍ර කිරිබතක් ද දී කිරි සහ අග්ගලා සමග කැවිලි වර්ගයක් ද අනුභව කර නැගෙනහිර දිශාව බලා පිටත්ව යෑම මැනවි.
පැළ සිටුවීමට
අප්‍රේල් මස 23 වන බ්‍රහස්පතින්දා පූර්වභාග 09.01 ට රන්වන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා පැළ සිටුවීම මැනවි.