2026 වර්ෂයට ලග්න පලාපල

වෘෂභ ලග්න පලාපලය

ධනය
  • ආයුධ, ගින්න, ආගමික නායකයින්, ඉඩකඩම් සහ රජයේ සේවකයන් මුල් කරගෙන ආදායම් ඉහළ යෑමට හේතු වේ.
  • මහන්සියේ තරමට ධනය ලැබේ.
  • යහපත් ආකාරයෙන් ධනය සෙවීමට උත්සාහ ගනී.
  • තරමක් මසුරුවන කාලයකි. අරපිරිස්සම ගැන ඉතා හොඳින් කල්පනා කරයි.
රැකී රක්ෂා
  • තමා යටහත් පහත් සේවකයන්ගේ අඩුවීමක් හෝ සේවයේ පහත වැටීමක් සිදුවීමට හැකි වේ.
  • රැකියාවෙන් නිතර සිතට කනස්සල්ල ඇතිවිය හැකිය. ඵල රහිත දේට කාලය නාස්ති වේ.
  • තම උසස් නිලධාරීන්ගෙන් කරදර බාධක මතු විය හැකිය.
  • රැකියාවේ වෙනසක්, නිතර ගමන් බිමන් යාමක් හෝ රැකියා ස්ථානයේ වෙනසක් සිදුවිය හැකිය.
ගෘහ ජීවිතය
  • ආධ්‍යාත්මික ජීවිතයකට මුල පුරයි. රජයෙන් ලැබෙන ලාභ ප්‍රයෝජන ලැබේ.
  • මෙම කාලය තුළ කාන්සාව (Anxiety) පැවතිය හැකිය.
  • සහෝදරයන්, මිතුරන් සමඟ අමනාපකම් සහ තම දූ දරුවන්ගෙන් කරදර ඇති වීමට හෝ පියාට දැඩි අපල ගෙන දිය හැකිවේ.
  • තමා සතු දේ නැති වී යාමක් සහ සොර සතුරු කරදර ඇතිවීමක්, ගින්නෙන් සහ රජය හේතු කොට ගෙන කරදර බාධක වලට මුහුණ පෑමට සිදුවේ.
  • කෙනෙකුට විදේශ ගතවීමක් හෝ තමා සිටින ස්ථානයේ වෙනස් වීමක් හෝ එපා වීමක් සිදුවිය හැකිය.
  • තමාගේ කථාව, මුහුණ සහ හැසිරීම නිසා අන් අයට ප්‍රිය භාවයක් ඇති වේ. අනුන්නට හිංසාවක් පීඩාවක් කිරීමට නොසිතන කාලයකි.
  • තමා ජීවත්වන නිවසේ හෝ ස්ථානයේ තමාට නොගැළපෙන තත්වයක් ඇතිවිය හැක. කලකිරීමක් හෝ ක්‍රියාකාරීත්වයේ අඩුවීමකට හේතු විය හැකිය.
  • තෘෂ්ණාව තරමක් වැඩි වේ.
  • නොගැළපෙන සම්බන්ධකම් හෝ නොගැළපෙන යෝජනා දෝෂ වැනි නොයෙක් අදෘශ්‍යමාන බලවේගයන්ට පහසුවෙන් හසුවිය හැකිය. ඒවාට නතු වුවහොත් තත්වය පහත වැටී දුකට පත්වේ.
  • කාන්තාවන්ට සහ කුඩා සුරතල් දරුවන්ට ප්‍රිය කරන, ඔවුන්ට උදව් සහ උපකාර කරන කාලයකි.
  • විවාහ වුවහොත් කීකරු බිරිඳක් හෝ ප්‍රිය මනාප බිරිඳක් ලැබේ, නමුත් එය බොහෝ කල් නොපැවැත්විය හැකි වේ.
අධ්‍යාපනය
  • චිත්‍ර කලාව, සංගීතය, නාට්‍ය වැනි සෞන්දර්ය විෂයන් කෙරෙහි වැඩි අවධානයක් සහ ප්‍රිය තාවයක් දක්වයි.
  • අධ්‍යාපනයේ වර්ධනයක් පෙන්නුම් කරයි.
  • ගණිතය සහ ඉලෙක්ට්‍රොනික විද්‍යාව, පරික්ෂණ විද්‍යාව වැනි නවීන විද්‍යා හැදෑරීමට හැකියාව ඇත.
  • අධ්‍යපනය කෙරෙහි ධනාත්මක ඇදී යාමක් පෙන්නුම් කරයි.
සෞඛ්‍යය
  • දත්, ඇස් සහ උදරයේ රෝග ඇතිවිය හැකිය.
  • අයහපත් සෞඛ්‍ය පුරුදු ඇතිවිය හැකි කාලයකි. සෙම් අධික වන කාලයකි. කැස්සෙන්ද පීඩාවට පත්වේ.
  • කුඩා දරුවන්ගේ නම් සෞඛ්‍ය තරමක් දුර්වල විය හැක.
  • ඔබගේ නින්දට බාධා ඇති විය හැකිය. මෙම කාලය ආතති සහිත කාලයකි.
  • ඔබගේ රුධිරය සම්බන්ධයෙන් හෝ ප්‍රජනක ගැටළුවක් ඇති විය හැකිය.
  • මුත්‍රා සෞඛ්‍ය, ආහාර ජීර්ණ පද්ධතිය සම්බන්ධයෙන්ද ගැටළු ඇතිවිය හැකිය.
ශුභ තොරතුරු
  • ශුභ දවස්: බදාදා, සිකුරාදා, ඉරිදා
  • ශුභ වර්ණය: සුදු, ක්‍රීම්, අයිවරී
  • ශුභ අංකය: 6
  • ශුභ මැණික්: දියමන්ති, සුදු මැණික්
මෙම පලාපලය පොදුවේ වෘෂභ ලග්න හිමියන් සඳහා වන අතර, එය නිවැරදිව ඔබට බලපාන ආකාරය නිශ්චය කර ගැනීමට ඔබේ පුද්ගලික ජන්ම පත්‍රය විමසා බැලීම අවශ්‍යය.

මේෂ ලග්න පලාපලය

ධනය
  • තමාගේ නොවන අන් අයගේ ධනය තමා වෙත ළඟා වීමට ඉඩ ඇත.
  • ධනය රැස් කිරීමට හොඳ ආශාවක් සිතේ ඇතිවන කාලයකි.
  • ධනය ලැබෙන වේගයෙන් වියදම් වී යයි, නමුත් ලැබෙන ධනය වේගයෙන් ලැබේ.
  • නිකරුණේ මුදල් නාස්ති කරයි; සමහර විට අශිෂ්ට දේට මුදල් නාස්ති කරයි.
  • අත්‍යවශ්‍ය දේ සඳහා තරමක් ලෝභකම් කරයි.
රැකි රක්ෂා
  • දැනට සිටින තනතුරුවලින් උසස්වීම් ලැබීමට සහ පහසුකම් ලැබීමට ඉඩ ඇත.
  • බලාපොරොත්තු නොවූ කරදර බාධක ඇති වේ.
  • ස්ථාන මාරුවීම් ද ඇතිවිය හැකියි.
  • උසස් නිලධාරීන්ගෙන් තාඩන පීඩන, බාධා කරදර වලට මුහුණ දීමට සිදුවිය හැකිය.
ගෘහ ජීවිතය
  • රජයේ සේවකයන් අතර මිත්‍රශීලීත්වය වර්ධනය වන අතර ඔවුන්ගේ උදව් උපකාර ලැබේ.
  • සිතේ කනස්සල්ල ඇතිවිය හැකිය.
  • සහෝදරයන් හා මිතුරන් සමඟ සතුරු කමක් ඇතිවිය හැකිය.
  • සමහරු හට විදේශගත වීමට සිදුවිය හැක; තවත් අයට රාජ්‍ය ගෞරවය ලැබෙනු ඇත.
  • ගින්නෙන් සහ සොර සතුරන්ගෙන් භය ඇතිවිය හැකිය.
  • තම දූ දරුවන් කෙරෙහි කණගාටු දායක දෑ අසන්නට සිදුවීමට හැකි වන කාලයකි.
  • ගොවිතැනෙහි නියැලෙන අයට කෘෂි කර්මාන්තයෙන් ලාභදායී විය හැකිය.
  • නව ඉඩකඩම් මිලදී ගැනීමටත් ඒවා සංවර්ධනය කිරීමටත් අවස්ථාව ලැබිය හැකිවේ.
  • ආගමික භක්තිය කෙරෙහි වැඩි බැඳීමක් හෝ ගෞරවයක් නොදක්වන කාලයක් විය හැකි අතර එය ලෝකයාට නොපෙන්වයි.
  • කෙනෙකුගේ පියාට මරණය හෝ ඊට සම්බන්ධ විශේෂ කරදර ඇතිවීමට පුළුවන.
  • හොඳ ඇඳුම් පැළඳුම් සහ රන් භාණ්ඩ මිලදී ගැනීමට වාසනාව ලැබේ.
  • ස්ථානයේ හෝ පදිංචියේ වෙනසක් සිදුවේ. ගම හෝ රථ හැර යාමට සිතයි.
අධ්‍යාපනය
  • අධ්‍යපනය නිසා කීර්තියක් ඇති විය හැකිවේ.
  • සංගීතය, ශාස්ත්‍රීය, පුරාණ දේ පිළිබඳ ඉගැනීමට ඉඩ ඇත.
  • විභාග වලින් ජය ගැනීම සඳහා තද බල වෙහෙසක් දැරීමට සිදුවේ.
  • එයින් නිසි ප්‍රයෝජන ගැනීමට අපහසු වේ.
සෞඛ්‍යය
  • මෙම කාලය තුල කාන්සාව (Anxiety) පැවතිය හැකිය.
  • දත්, ඇස් සහ උදරයේ රෝග ඇතිවිය හැකිය.
  • යහපත් ආහාර පාන නොලැබීම නිසා ආසාදනය විය හැකිය.
  • ශරීරයෙහි ලප ඇතිවිය හැකි වේ.
  • ශරීර සෞඛ්‍ය තරමක් අයපත් වේ.
  • ශරීර ශක්තිය පිරිහීම, නිතර රෝහල් ගත වීමටද ඉඩ ඇත.
  • පිත්, සෙම් රෝග වැළඳීමටද ඉඩ ඇත.
ශුභ තොරතුරු
  • ශුභ දවස්: ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
  • ශුභ වර්ණය: රතු, නිල්
  • ශුභ අංකය: 1, 2, 4, 5, 7, 9
  • ශුභ මැණික්: රතු කොරල්, රතු මැණික්
මෙම පලාපලය පොදුවේ මේෂ ලග්න හිමියන් සඳහා වන අතර, එය නිවැරදිව ඔබට බලපාන ආකාරය නිශ්චය කර ගැනීමට ඔබේ පුද්ගලික ජන්ම පත්‍රය විමසා බැලීම අවශ්‍යය.

මිථුන ලග්න පලාපලය

ධනය
  • තමා උපයන ධනය නිකරුණේ වියදම් වී යා හැක. ඒවා ඵලක් නැති දේට විය හැක.
  • බලාපොරොත්තු රහිතව නිතර සිදුවන කරදර නිසා අතේ රැදෙන මුදල් නාස්ති වේ.
  • ඉතුරුවක් කරගැනීමට නොහැකි වේ.
රැකී රක්ෂා
  • ඉතාමත් වෙහෙස මහන්සිවී රැකී රක්ෂා වල නිරත විය යුතු වේ.
  • වෙහෙසුනත් තම උසස් නිලධාරීන්ගෙන් සහ වැඩිහිටියන්ගෙන් හොඳක් හෝ ප්‍රශංසාවක් නොලැබේ.
  • රැකී රක්ෂාවේ කැඩී බිඳීමක් හෝ වෙනස් වීමක් හෝ නැති වී යාමට ද ඉඩ ඇත.
  • දියුණුවක් දැකිය හැකි නමුත් එය ඉතා හෙමින් සිදුවේ.
  • දවස අවසානයේ කොපමණ මහන්සිවී වැඩ කළද එයින් සෑහීමකට පත් නොවේ.
ගෘහ ජීවිතය
  • තරමක් භක්තියට යටත්ව ආධ්‍යාත්මික නිවුණු ජීවිතයකට මුල පුරයි.
  • රහස් සතුරන් ගොඩ නැගිය හැකි කාලයකි. සිතේ සුවය අඩුවිය හැකිය.
  • කරන කියන වැඩ කටයුතු කඩා කප්පල් වීමක් හෝ ප්‍රමාද වීමක් සිදුවිය හැකිය.
  • බලාපොරොත්තු සඵල කර ගැනීමට නම් අධික ලෙස වෙහෙස මහන්සිවී කටයුතු කිරීමට සිදුවේ.
  • වැඩිහිටියන් ගැනද, තම ආගම ගැනද වැඩි භක්තියක් හෝ විශ්වාසයක් නොපෙන්වයි.
  • ඇතිවන සබඳතා යම් සටන්කාමී ස්වරූපයක් ගනී. ගැටුම් වලට මුල පිරුවද සිතින් තම හැඟීම් පාලනය කර ගනී.
  • විවාහ ජීවිතය හෝ තම සහකරු/සහකාරිය මෙම කාලයේදී තරමක් අවුල් සහගතවිය හැක. විවාහ ජීවිතයේ ප්‍රීතිය අඩුවිය හැකිය.
  • තම සහකරු හෝ සහකාරිය විවිධ කුසලතා ඇති දක්ෂයකු වීමට ඉඩ ඇත.
  • මේ කාලයේදී විවාහය සිදු වෙනවා නම් හොඳින් කල්පනා කල යුතුය. කෙසේ නමුත් විවාහයෙන් පසු වාසනාවත්, දියුණුවත් තමා වෙත ඇදී එයි.
  • හැකියාවන් හා සිතුවිලි සීමා සහිත වන අතර තමාට සිතෙන පරිදි ජීවත් වීමට නොහැක.
  • පහසුවෙන් ඔබේ හැඟීම් අන් අය සමඟ බෙදා නොගනී.
  • ඉදිරි කාලයේ සමාජශීලී කටයුතු වලට වැඩිපුර මුහුණ නොදෙයි.
  • කෙටි ගමන් බිමන් යෑමේදී ප්‍රවේසම් විය යුතුය. ජලය ආශ්‍රිත ස්ථාන හෝ ඒවා ආශ්‍රිත ක්‍රීඩා කිරීමේදී ප්‍රවේශම් විය යුතුය.
අධ්‍යාපනය
  • තාක්ෂණික සහ පරිඝණක විද්‍යාව, ඉලෙක්ට්‍රොනික විද්‍යාව වැනි දෑ හැදෑරීමට යෝග්‍ය වන කාලයකි.
  • අධ්‍යාපනය සඳහා යම් යම් බාධා පැවතියද ඔබ ඒ පිළිබඳ උනන්දුවක් දක්වයි.
  • පාසල් යන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට තරමක් බාධා කරදර ඇතිවිය හැකිය. පාඩම් කිරීමට සිත නොදෙයි.
  • නීතිය සම්බන්ධයෙන් දැනුම සොයන අයට ඒ සඳහා යහපත් කාලයකි.
සෞඛ්‍යය
  • සමස්ථයක් වශයෙන් ඔබට හොඳ ශරීර සෞඛ්‍යක් භුක්ති විඳිය හැකිය.
  • කුඩා දරුවන්ට නම් නිතර වෙහෙස දැනීම, මේ කාලයේදී මානසික අවපීඩනයට ගොදුරු විය හැකිය.
  • ඔබේ උගුර වියළි යා හැකිය. නිතර කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ඇති විය හැකිය.
  • ඔබේ දත් සම්බන්ධ ගැටළු හෝ ඒවා දුර්වල විය හැකිය.
  • රුධිර නාල, වසා පද්ධතිය සහ පියයුරු සම්බන්ධ දුර්වලතා ඇති විය හැකිය.
  • ලිංගික ගැටළු මතු විය හැකි කාලයකි. ප්‍රජනක අවයව හා මුත්‍රා මාර්ග සහ වකුගඩු වල දුර්වලතාවයක් හෝ ආබාධයක් මතු විය හැකිය.
ශුභ තොරතුරු
  • ශුභ දවස්: බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
  • ශුභ අංකය: 3, 5
  • ශුභ වර්ණය: කොළ, කහ
  • ශුභ මැණික්: පච්ච
මෙම පලාපලය පොදුවේ මිථුන ලග්න හිමියන් සඳහා වන අතර, එය නිවැරදිව ඔබට බලපාන ආකාරය නිශ්චය කර ගැනීමට ඔබේ පුද්ගලික ජන්ම පත්‍රය විමසා බැලීම අවශ්‍යය.

කටක ලග්න පලාපලය

ධනය
  • නිරායාසයෙන් ධනය ලැබෙන කාලයකි.
  • අනාගත බලාපොරොත්තුවෙන් මුදල් යොදවා කටයුතු කරන අතර, ඒවායෙන් ලාභ ලැබීමට කාලයක් ගත වේ.
  • දරු ශිෂ්‍ය ආදීන්ගේ මුදල් යොදවයි.
  • රහසිගතව හෝ අප්‍රසිද්ධව වියදම් අධික වීමත්, මුදල් හානියත් නිතරම ඇති කරයි.
  • ධන ලාභ ලැබෙන නමුත් ඒවා වහාම හානි වී යයි.
රැකී රක්ෂා
  • රැකියාවේ අවාසනාවන්ත වෙනසක් හෝ කාර්යශීලි වෙනසක් ඇතිවිය හැකි කාලයකි.
  • බාධා කරදර මැඩගෙන ඉදිරියට යන ගමනක් ඇති කරයි.
  • තම උසස් නිලධාරීන් සමග අමනාපකම් මතුවේ.
  • ව්‍යාපාර වල යෙදෙන්නන් තම පාරිභෝගිකයන් ගැන වඩාත් සැලකිල්ල යොමු කළ යුතු වේ.
  • තම නොසැලකිල්ල කණගාටුවට හේතු වේ.
ගෘහ ජීවිතය
  • තරමක් සිතේ ප්‍රීතියට හේතු වන කාලයකි; කටයුතු වල වර්ධනයද, ප්‍රබෝධමත් භාවයද වර්ධනය කරයි.
  • කෘෂිකර්මය හා ස්වභාව ධර්මය පිළිබඳ උනන්දුවක් ඇතිවේ.
  • ආත්මාර්ථකාමී තත්වයක් හට ගන්නා අතර, ශාරීරික හා මානසික ඉවසීම ප්‍රගුණ කරගත යුතුය.
  • නායකයින් සහ මිත්‍රයන් සමඟ සුහදව ආශ්‍රය කරන්නට ලැබේ; සතුරන් මිතුරන් වන කාලයකි.
  • සමාජ ආශ්‍රය කිරීමට ලැබෙන අතර, සමාජය ද තමාට ප්‍රිය කරයි.
  • ගොවිතැන් වලින්ද ලාභ ප්‍රයෝජන ලැබේ.
  • රහස් සම්බන්ධයක් හෝ රහස් ආලය බැඳීමක් ඇතිවන අතර, රහස් ගමන්ද යාමට සිදුවේ.
  • අප්‍රසිද්ධව අන් අයට උදව් කරන කාලයකි.
  • නිතරම සිත් තැවුලෙන් කාලය ගතවේ; බොරු චෝදනා වලට අපවාද විඳින්නට සිදුවිය හැකිය.
  • කරන කියන වැඩ කටයුතු අවුල් වියවුල් වලට තුඩුදේ. නෑයන්ගෙන් කරදර ඇතිවිය හැකිය.
  • නඩුහබ වලට හෝ සතුරු වියවුල් වලට පැටලෙන්නට ඉඩ තිබේ; කෝලහල වලට මැදිහත් වීමට ඉඩ තිබේ.
  • පිට පළාත් වල අප්‍රසිද්ධ ගමන් යාමට සිදුවේ.
  • ස්ථානීය කරගෙන ආ කටයුතු වලට බාධා ඇතිවිය හැකියි; පදිංචි ස්ථානයේ වෙනසක් හෝ ගෙදරින් පිටවන් වීමක් සිදුවිය හැක.
  • දේව භක්තිය වැඩි වෙයි.
  • වැඩිහිටියෙකුට හෝ ගුරුවරයෙකුට මාරක හෝ එවැති අපල ඇති විය හැක.
අධ්‍යාපනය
  • අධ්‍යාපනය සඳහා යහපත් කාලයකි.
  • ගුප්ත විද්‍යාවක් ඉගෙන ගැනීමටද, අත්හදා බැලීමටද ඉඩ ලැබේ.
  • විභාග වලින් ජය ලැබීමට මහත් වෙහෙස වීමට සිදුවේ.
  • බාධා මැඩගෙන වුවද ඉදිරියට යා හැකිය.
සෞඛ්‍යය
  • ශරීර සෞඛ්‍ය පිරිහී අඩු වී යන කාලයකි.
  • පපුවේ වේදනාවක් ඇතිවිය හැකි අතර, තද ලෙස මොළය පීඩාවට පත්වේ.
  • උෂ්ණ අධික රෝග, ලේ සහ ලේ නහර පිළිබඳ රෝග, උදරාශ්‍රිත රෝග මතු විය හැක.
ශුභ තොරතුරු
  • ශුභ දවස්: ඉරිදා, සඳුදා, අඟරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
  • ශුභ අංකය: 2, 7, 9
  • ශුභ වර්ණය: සුදු, ක්‍රීම්
  • ශුභ මැණික්: මුතු
මෙම පලාපලය පොදුවේ කටක ලග්න හිමියන් සඳහා වන අතර, එය නිවැරදිව ඔබට බලපාන ආකාරය නිශ්චය කර ගැනීමට ඔබේ පුද්ගලික ජන්ම පත්‍රය විමසා බැලීම අවශ්‍යය.

සිංහ ලග්න පලාපලය

ධනය
  • මුදල් හානි හෝ වංචාවන්ට හසු විය හැක.
  • සාම්ප්‍රදායික මට්ටමින් හෝ යහපත් ආකාරයෙන්ම මුදල් ඉපයීමට මහන්සි වේ. අනුන්ගේ ධනය කඩා ගැනීමට උත්සාහ නොකරයි.
  • තමාටද ධනය අතින් තරමක් ඇති වේ, නමුත් ඒවා විටින් විට වෙනස්වන සුළු වේ.
  • වසරේ අග භාගයේදී ආදායම් අතින් තරමක් අගහිඟකම් වලට මුහුණ පෑමට සිදුවේ.
  • ධන යෝග තරමක් යහපත් වේ.
රැකී රක්ෂා
  • දිනපතා වැඩට යාමට නොහැකි වීම නිසා ප්‍රධානියාගේ අප්‍රසාදයට ලක්වේ.
  • තනතුරු දරන්නන්ට ස්ථාන මාරුවක් හෝ වෙන පළාතකට යාමට සිදුවේ.
  • වසරේ මැද කාලයට යාමත් සමඟ තත්ත්වය යහපත් වේ.
  • ගනුදෙනුකරුවන් සමඟ කරන ගනුදෙනු වලින් තමාට වාසි සහගත වේ.
  • රැකියාවේ නම ප්‍රසිද්ධ වේ. රැකියාවෙන් ප්‍රසිද්ධියටද, දියුණුවටද පත්වේ.
  • බොහෝ අනුන්ගෙන් උදව් උපකාර ලැබේ.
ගෘහ ජීවිතය
  • සිතට අසනීප වලින් කරදරයක් සිදුවේ යැයි සිතට වරින් වර බියක් ඇති වේ.
  • සොර සතුරන්ගෙන් හෝ රැකී රක්ෂා වලින් හෝ සිතට ලොකු බයක් සැකක් ඇති වේ. නිතරම කරදර සහිතව කාලය ගත කිරීමට සිදුවේ.
  • විවාහක නම් තමාටත් භාර්යාවටත් අසනීප ඇතිවීමට ඉඩ තිබේ.
  • වැඩිමහල් පුතාට හෝ දුවට අපල දායකයි.
  • වැඩිහිටි මහලු නෑයකුට හෝ පියාට අසනීප දී අපල ඇති කරයි.
  • සහෝදරයෙක් සමග අමනාප මතුවේ.
  • විවාහක අයට නම් අඹු සැමි භේද හෝ දුරස් වීමක් නිසා සිත් තැවුලක් ඇතිවන කාලයකි.
  • නරක නාමයක්, චෝදනාවක් හෝ දෝෂාරෝපණයක් ලැඛෙන්නට ඉඩ තිබේ.
  • දරු ශිෂ්‍ය ආදී සිටින්නේ නම් ඔවුනට අසනීපාදී අපල සහ හිතුවක්කාර වීම්ද, අහංකාර වීම්ද නියමයි.
  • සීතට, කයට පීඩාකාරී ගතියක් ඇති වේ. සතුරන් සමඟ ආරවුල් මතුවේ. සතුරන් නිසා සිතට බයක්ද ඇති වේ.
  • උසස් අයගෙන් තමාට අගෞරව ලැබේ.
  • වසරේ මැද කාලය එළඹෙනවාත් සමගම තත්ත්වය යහපත් වේ. නායකයින් සහ ස්ත්‍රීන් තමා ගැන සතුටු වේ.
  • හොඳ ආහාරපාන වර්ග ලැබේ, මිල මුදල් ලාභ ලැබේ. වාසනාවන්ත දවස් උදාවේ.
  • ආරම්භ කරන කටයුතු දියුණු වේ. අනුන්ගෙන් මුදල් උපකාර ලැබෙන කාලයකි.
  • වෙහෙසකර නිෂ්ඵල ගමන් යාමට සිදුවේ.
  • ගොවිතැන් වලට අලාභ හානි, පාඩු සිදුවීමට නියමයි.
  • සහකාරකම් හෝ ආදර සම්බන්ධතා කැඩී බිඳී යාමට ඉඩ ඇත.
අධ්‍යාපනය
  • නොයෙක් දේ ඉගෙනීමටත් එයින් ප්‍රයෝජන ගැනීමටත් ඉඩ ලැබේ.
  • වසරේ මුල් කාලයේ මදක් කටුක අධ්‍යාපනික තත්වයකට මුහුණ දීමට සිදුවේ.
  • විභාග වලින් සමත් වීමට බොහෝ වෙහෙස මහන්සි වී ඉගෙන ගැනීමට සිදුවේ.
  • මහන්සියේ ප්‍රතිඵල ලබා එයින් දියුණුවක්ද ලඟා කරගත හැක.
සෞඛ්‍යය
  • ශරීරය දුර්වල වේ, කෘෂ වේ, අවලක්ෂණ වේ.
  • ශරීරයෙහි තැන් තැන් වල ලප, පැල්ලම්, තුවාල සෑදේ. විශේෂයෙන් මුහුණ අවලක්ෂණ වේ. සම වැහැරුණු ගතියක් ඇති වේ.
  • බඩේ උෂ්ණත්වය අධික වේ.
  • ලිංගාබාධයක් හෝ ඉකිලි කැසීමක් ඇති වේ.
  • මුත්‍රා රෝග, ධාතු දුර්වලතාවය, වකුගඩු වල ආබාධ ආදී අසනීපයක් හෝ ඇතැම් විට ශල්‍ය කර්මයක් කිරීමට සිදුවේ.
ශුභ තොරතුරු
  • ශුභ දවස්: ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
  • ශුභ අංකය: 1, 4
  • ශුභ වර්ණය: රතු
  • ශුභ මැණික්: පත්මරාග
මෙම පලාපලය පොදුවේ සිංහ ලග්න හිමියන් සඳහා වන අතර, එය නිවැරදිව ඔබට බලපාන ආකාරය නිශ්චය කර ගැනීමට ඔබේ පුද්ගලික ජන්ම පත්‍රය විමසා බැලීම අවශ්‍යය.

කන්‍යා ලග්න පලාපලය

ධනය
  • ධන ධාන්‍ය ලාභ ලැබෙන කාලයකි. ආදායම වැඩි වේ. මිල මුදල් ආදී වස්තු ලැබේ.
  • සමහර අවස්ථා වලදී මුදල් අතින් අවහිර කරදර මතු වීමටත් ඉඩ ඇත.
  • නොසිතූ අන්දමින් අනවශ්‍ය වියදම් මතු වේ.
  • වසරේ මැද කාලයට යත්ම ක්‍රමයෙන් ආදායම පහල බැසීමට ද ඉඩ ඇත.
  • ධනයේ භීතත්වයක් ඇති කිරීමට හැකි කාලයක් ඉදිරියට යෙදේ.
රැකී රක්ෂා
  • රැකියාවේ වෙනසක් හෝ ලොකු දියුණුවකට පත්වේ.
  • රැකියාවෙන් වැරදි ආකාරයකින් මුදල් ඉපයීමට සිතයි.
  • දියුණුව සඳහා ගන්නා අධික උත්සාහයෙන් ප්‍රතිඵල අත්විඳිය නොහැක.
  • ස්වාමියාගෙන් හෝ සේවා ප්‍රධානීයාගෙන් අකාරුණික බවද, අප්‍රසාදයද ලැබෙන්නට පුළුවන.
  • තම යටහත් පහත් සේවකයන් සමඟ ආරවුල් ඇති කර ගනී.
ගෘහ ජීවිතය
  • කරගෙන ආ කටයුතු මෙන්ම අලුතෙන් ආරම්භ කරන කටයුතු දියුණුවට පත්වේ.
  • මව ගෙන් සැප ලැබේ. සමාජයේ හොඳ තත්වයකට පත්වේ.
  • අලංකාර දේ ලැබීමෙන් ප්‍රීති වේ. පවුලේ දියුණුවට හේතු වේ.
  • නායකයින්ගෙන්ද, හිතවතුන්ගෙන්ද උපකාර ලැබේ.
  • මිල මුදල් සම්බන්ධයෙන්ද ලාභ ලැබේ. ස්ත්‍රීන් නිසා සැප ලැබේ.
  • මවගෙන් උපකාරද, සිත් ප්‍රීතිය, වාසනාව ඇති වේ.
  • ප්‍රීතිමත් වාහන සැප ගමන් යෙදෙන කාලකි. ගෙදොර සැප පහසුකම් ලැබේ.
  • කෑම, බීම, ඇඳුම් පැළඳුම් ආදියෙන් සිතේ සතුට ඇතිවේ.
  • කරන කියන කටයුතු වලින් තමාට නින්දාවක් හෝ අපහාසයකට මුහුණ දීමට සිදුවිය හැකි අතර, එයින් සැනසීම නැතිවී සිත් වේදනාද ඇති විය හැකියි.
  • පවුලේ අය සමඟ අමනාපයක් ඇතිවීමට පුළුවන.
  • ගමන් බිමන් වලදී බලාපොරොත්තු රහිත කරදර විපත්ති ඇතිවිය හැකිය.
  • නොසිතූ අන්දමින් ගෙදර දොර අවාසනාවන්තකම් මතුවේ.
  • සතුරන් සමඟ අවුල් වියවුල් මතු වීමට පුළුවන. නඩු හබ හෝ නීතියෙන් පිහිට සෙවීමට කරුණු සැලසේ.
  • පිනට දහමට ආශාව, ආගම භක්තිය, ශ්‍රද්ධාව ඇති කරයි.
  • දුර පළාතකට ගොස් ජීවත් වීමට සිතයි.
  • සමහර විට පවුල් ජීවිතය නීරස වීමට ඉඩ ඇත.
  • භාර්තාව හා ස්වාමියා ඇතැම් විට හදිසි අනතුරු වලට මුහුණ දීමට ද, අගෞරව විඳීමටද නියමිත කාලයකි.
අධ්‍යාපනය
  • විභාග වලට, තරඟ වලට ඉදිරිපත් වන අයට ජය ලැබේ.
  • අළුත් දේ ඉගෙනීමට හැකි වේ.
  • සාර්ථකත්වයක් ලඟා කර ගැනීමට නම් දිවා රෑ නොබලා වෙහෙසිය යුතු වේ.
  • උප්පත්තියේදී ගුරු බලවත්ව සිටින අයට නම් නියත වශයෙන්ම උසස් දේ ඉගෙනීමටත් එයින් ප්‍රතිඵල ලැබීමටත් නියමයි.
සෞඛ්‍යය
  • ශරීර අසනීපයක් වැළඳීමට සහ නහර පිළිබඳ රෝගයක් හෝ කැපීමකින් තුවාලයක් වී ලේ ගලන්නටද ඉඩ තිබේ.
  • දුක් කණගාටු සහිත ගතියක් ඇති වේ.
  • බෝ වෙන වසංගත රෝග පවා වැළඳීමට ඉඩ තිබේ.
  • ඇස් වල, කන් වල, ආබාධ මතු විය හැක.
  • ආමාශයේ ආබාධ, පතුල් වල ආබාධ හා පිත් කෝප රෝගද වැළදෙන්නට ඉඩ තිබේ.
ශුභ තොරතුරු
  • ශුභ දවස්: බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
  • ශුභ වර්ණය: කොළ
  • ශුභ අංකය: 2, 3, 5, 7
  • ශුභ මැණික්: පච්ච, ගෝමේද
මෙම පලාපලය පොදුවේ කන්‍යා ලග්න හිමියන් සඳහා වන අතර, එය නිවැරදිව ඔබට බලපාන ආකාරය නිශ්චය කර ගැනීමට ඔබේ පුද්ගලික ජන්ම පත්‍රය විමසා බැලීම අවශ්‍යය.

තුලා ලග්න පලාපලය

ධනය
  • ධන ධාන්‍ය ලැබේ.
  • අමුතු ආකාරයේ ලාභ ලබා ගැනීමට ක්‍රම සිතයි; ඒවායින් ප්‍රයෝජන ලබා ගැනීමටද පුළුවන.
  • රැකියාවෙන් ලැබෙන ධනය ඉතුරු කර ගනී.
  • තරමක් මසුරු/ලෝභ වන කාලයකි.
  • රැකියාවෙන් ලැබෙන ධනය හෝ ලැබීම තරමක් දුරට හැකිලීමක් හෝ එයින් බාහිර ලෝකයට බැබලීමක් සිදු නොවෙයි.
රැකී රක්ෂා
  • වෙළඳ ව්‍යාපාර කරගෙන යන අයට දියුණුවක් ලැබේ.
  • රැකී රක්ෂා වල දියුණුවක් ඇති වේ.
  • මුදල් ඉපයීමේදී දුෂ්කර දේට මුහුණ දීමටද පුළුවන.
  • තම සේවා ස්ථානයේ කරදර බාධක ඇති වීමට පුළුවන.
  • තමාට තිබුණ හොඳ නම හෝ ප්‍රසිද්ධියට හානියක් සිදුවිය හැකිය.
  • ව්‍යාපාරයක් නම් තම යටහත් පහත් සේවකයන් තමා සමඟ අසතුටු විය හැකිය.
ගෘහ ජීවිතය
  • සතුරන් නැති වේ. සහෝදරයන්ට සැප ලැබේ.
  • තමාට ස්ත්‍රීන් ගෙන් කරදර ඇති වුවත් වාසනාවන්ත කාලයක් උදා වේ.
  • තම හිතවතුන් සමඟ ආශ්‍රය වැඩි වේ. ප්‍රීති උත්සව වලට සහභාගී වීමට ඉඩ ලැබෙනවා විය හැක.
  • මිත්‍රයන්ගේ ආධාරද, උපකාරද ලැබේ. සමාජයෙහි උසස් වේ.
  • යහපත් වස්තු භාණ්ඩ සහ සැප පහසුකම් ලැබෙයි.
  • උසස් අයගෙන් උපකාරද, සැලකිල්ලද, ලාභ ප්‍රයෝජනද ලැබෙන කාලයකි. තත්ත්වය තිබුණාට වඩා උසස් වේ.
  • කරගෙන යන සියලු කටයුතු වල වැඩි දියුණුවක් ඇතිවිය හැකියි.
  • මිත්‍රයන්ගේ උපකාරද, සහෝදර සහෝදරයන්ගේ උදව් සහ උපකාරද ලැබේ.
  • අවුල් වියවුල් වලින් නිදහස ලැබේ. විවිධාකාර ගෞරව සැලකිලි ලැබීමට පුළුවන.
  • වසරේ මැද කාලය ගත වීමට ප්‍රථම නිෂ්ඵල ගමන් යෙදීමට සිත් දෙන කාලයකි.
  • සර්ප භයටද ඉඩ තිබේ.
  • කරගෙන ආ කටයුතු වල අවුල් වියවුල් ඇතිවීම, උදාසීන ස්වභාවයක් ඇතිවීම, සිත් තැවුල් ඇතිවීම සහ ළඟම හිතවතෙක් හෝ ඥාතියකුගේ වියෝවද සිදුවීමට නියමයි. (චන්ද්‍රයාගේ මහ දශා අතුරු දශා ගෙවන අයට නම් විශේෂයෙන් නරක කාලක් උදාවේ).
  • ශරීරයෙහි බර වැඩිවේ. ස්ත්‍රීන් සමඟද පුරුෂයන්ට හිතවතුන් හෝ හිතවතියන් සමඟද ආශ්‍රය ඇති වේ.
  • සිතේ ආකාරයට හෝ තමා කැමති ආකාරයට අනියම් කම්සැප ලැබෙන්නට පුළුවන.
  • කරන කියන කටයුතු වලින් ක්‍රමක් ක්‍රමයෙන් යහපත් ආදායමක් ලැබෙන්නට අවස්ථාව සැලසේ.
  • සමහර විට නැති වී ගිය වස්තු පවා ලැබෙන්නට පුළුවන.
  • සැප පහසුව ඇති කරන බඩු භාණ්ඩ, වාහන ආදිය මිලදී ගැනීමට ඉඩ ලැබේ.
අධ්‍යාපනය
  • නොයෙක් දේ ඉගෙනීමට ලැබෙන කාලයකි. ඥාණය වර්ධනය වේ.
  • සංගීතය, කලාව, සෞන්දර්යය සහ යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව, පරිගණක විද්‍යාව වැනි නවීන තාක්ෂණික දේ ඉගැනීමටත් එයින් ප්‍රයෝජන ගැනීමටත් පුළුවන.
  • අධ්‍යපනයට යහපත් වුවත් තරමක් කඩා වැටීමක්ද සිදුවිය හැකිය.
සෞඛ්‍යය
  • ආහාර නොදිරවීමේ ආබාධ ගතියක් හෝ මුත්‍රා පහ වීමේ බාධාවක් හෝ එය වැඩි වේලාවක් ඉවසාගෙන සිටීමට සිදුවීමක් ඇති විය හැකිය.
  • දණහිසෙන් පහළ හෝ තුනටියේ කැක්කුමක්ද, ශරීරයේ දුර්වල තත්වයක්ද ඇතිවිය හැකිය.
  • සාමාන්‍යයෙන් ශරීරාබාධ ගතියක්ද සාදන්නට පුළුවන.
ශුභ තොරතුරු
  • ශුභ දවස්: අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
  • ශුභ අංකය: 6
  • ශුභ වර්ණය: සුදු, ක්‍රීම්, අයිවරී
  • ශුභ මැණික්: දියමන්ති, සුදු මැණික්
මෙම පලාපලය පොදුවේ තුලා ලග්න හිමියන් සඳහා වන අතර, එය නිවැරදිව ඔබට බලපාන ආකාරය නිශ්චය කර ගැනීමට ඔබේ පුද්ගලික ජන්ම පත්‍රය විමසා බැලීම අවශ්‍යය.

වෘශ්චික ලග්න පලාපලය

ධනය
  • මිල මුදල් පිළිබඳ හානියක් හෝ අධික වියදමක් ඇති වේ. ආදායම් පහළ බසී.
  • නිෂ්ඵල දෙසට, කැඩී බිඳී යන දෙයට හෝ යන්ත්‍ර සූත්‍ර ආදියේ ලෝහ වලට වියදම් කිරීමට සිදුවේ.
  • තම ලොකුකම් පෙන්වීමට අධික ලෙස වියදම් කරන්නට සිතයි.
  • මුදල් අතින් හිඟකම් ඇති වන කාලයකි.
  • වසරේ මැද කාලය වන විට වෙළඳ ව්‍යාපාර වලින් ලාභ ලැබේ. ආදායම් වැඩි වේ. මිල මුදල් ලාභ ලැබේ.
රැකී රක්ෂා
  • උත්සාහවන්තව රැකී රක්ෂා කරගෙන ගියහොත් තරමක් සැනසීම ලබාගත හැකිය.
  • රැකියා තත්ත්වය තරමක් හොඳ වුවත් වියදම් පැත්ත අධික කරයි.
  • වසරේ මාස නවය තුළ දියුණුවටත් සිත් සතුටටත් ඇති වීමටත් රැකී රක්ෂා වලින් යහපත සිදු වීමටත් නියමයි.
  • වෙළඳාම් වලින් ලාභ ලැබේ.
ගෘහ ජීවිතය
  • හිතවතෙකු සමග තිබූ සම්බන්ධකමක් කැඩී බිඳී යාමට හේතු වේ. තමා අකමැති අය සමඟ ආශ්‍රය ඇති වේ.
  • තමාගේ කටයුතු වලට තරමක් බාධාවක් ඇති වේ. වැදගත් අය තමා සමඟ අමනාප වීමට හේතු හැදේ.
  • විරුද්ධ කරුවන් සමඟ හෝ සතුරන් සමඟ අවුල් ඇති වේ. නැතහොත් අමුතුවෙන් සතුරන් ඇතිවිය හැක.
  • තමාගේ වටිනා කියන භාණ්ඩ නැතිවීම හෝ බඩු මුට්ටු/වාහන කැඩී බිඳී යාම සිදුවිය හැකිය.
  • උසස් කෙනෙක්, ගුරුවරුන් හෝ ප්‍රධානීන් තමා ගැන අසතුටු වේ.
  • පවුලේ අය සමඟ හෝ මිත්‍රයන්/ඥාතිවරු සමඟ ආරවුල් ඇතිවිය හැකිය.
  • තමා ප්‍රධානත්වයෙන් භාර ගෙන කරන කටයුතු කැඩී බිඳී යයි; ඒවායින් පාඩු ඇතිවේ.
  • වංචා ප්‍රයෝග වලට අසුවීමට ඉඩ ඇත. තමාද අනුන්න්නට වංචා කිරීමට සිතයි.
  • සේවා කාලයේදී අපකීර්තියක් හෝ අවනම්බුවක් ඇති වේ. අයුතු දෝෂාරෝපණයට අසුවේ. කේලම් අසන්නට හෝ ලැජ්ජාවක් ලැබීමට සිදුවේ.
  • වසරේ මැද කාලයට වන්නට තත්ත්වය තරමක් යහපත් අතට හැරෙනු ඇත. වාසනාවන්ත කාලයක් උදාවේ; දියුණුවත් ලාභ ප්‍රයෝජනත් ඇති වේ.
  • විශේෂයෙන් ස්ත්‍රීන්ගෙන් ලාභ ලැබේ. ඇතැම් විට අනුන්ගෙන් තරමක ලාභයක් ලැබෙන්නට පුළුවන.
  • ස්ත්‍රීන්ට පුරුෂයන් සමගද, පුරුෂයන්ට ස්ත්‍රීන් සමඟද ප්‍රීතිමත් සම්බන්ධතා පවත්වා ගෙන යාමට ඉඩ ලැබේ.
  • ස්ත්‍රීන් සමඟ කරන සියලු කටයුතුද, ගනුදෙනුද සඵල වේ.
  • ප්‍රීති දායක උත්සව පැවැත්වීමට හෝ ඒවාට සහභාගී වීමට ඉඩ ලැබේ.
  • අලංකාර වස්තු, ශරීර අලංකාරය සඳහා අවශ්‍ය දේ මිලදී ගැනීමට සිතෙයි. ප්‍රීතිමත් ගතිය ඇති වේ.
  • හොඳ ආහාර පාන වර්ග ලැබේ. ස්ත්‍රීන්ගෙන් සැප ලැබේ. ප්‍රීති සමාගම් ඇතිවේ. ගෞරව සැලකිලි ලැබේ.
  • ඉඩ කඩම් දියුණු කර ගැනීමට ගන්නා උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබේ. තමාගේ උත්සාහය වැඩි වේ. රාග අධික වේ.
  • මේ කාලය තුළ මවට හෝ පියාට විපතක් සිදුවිය හැකිය.
  • අවුල් වියවුල් හෝ නඩු හබ වලට පැටලෙන්නට පුළුවනි. පදිංචිය පිළිබඳ දුෂ්කරතා ඇති වන්නට පුළුවන.
අධ්‍යාපනය
  • අළුත් දේ ඉගෙනීමට ලැබෙයි. විශේෂයෙන් පොත් පත්, ලිපිද්‍රව්‍ය ආදියෙන් ප්‍රයෝජන ලැබෙයි.
  • අධ්‍යාපනය ජය ගැනීමට දිවා රෑ නොබලා වෙහෙස වීමට සිදුවේ.
  • මහන්සියේ තරමට ප්‍රතිඵල නොලැබේ.
සෞඛ්‍යය
  • මුහුණේ හෝ හිසේ ආසාදනයක් හෝ ඇස් වල පීඩාවක්, කන් කැක්කුමක් හෝ තුවාලයක් සෑදෙයි.
  • මුහුණේ කුරුලෑ සෑදෙයි. මුහුණේ, කටේ, අත්වල හෝ බෙල්ලේ සුළු වශයෙන් ආසාදනයකට හේතු විය හැක.
  • අසනීප වීමට ඉඩ ඇති බැවින් ප්‍රවේශම් විය යුතුය.
  • විවාහ වූ අයට නම් තම ස්වාමිපුරුෂයා හෝ භාර්යාව අසනීප වීමට ඉඩ ඇත.
  • ශරීරයෙහි තද තිගැස්සීම්, භය වී කම්පා වීම ඇති කරයි.
  • බඩේ අසනීපයක් සෑදේ. බෝ වෙන වසංගත රෝග සෑදීමට ඉඩ ඇත.
  • වාත කම්පාවීම, කොෂ රෝග, කොර වීම, ලේ හිඟ වීම, ඇට වල ආබාධ ඇති වීමට පුළුවන.
ශුභ තොරතුරු
  • ශුභ දවස්: ඉරිදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
  • ශුභ වර්ණය: රතු
  • ශුභ අංකය: 1, 2, 4, 5, 7
  • ශුභ මැණික්: රතු මැණික්, රතු කොරල්
මෙම පලාපලය පොදුවේ වෘශ්චික ලග්න හිමියන් සඳහා වන අතර, එය නිවැරදිව ඔබට බලපාන ආකාරය නිශ්චය කර ගැනීමට ඔබේ පුද්ගලික ජන්ම පත්‍රය විමසා බැලීම අවශ්‍යය.

ධනු ලග්න පලාපලය

ධනය
  • මුදල් අතින් අමාරුකම් ඇති වේ.
  • බොහෝ වෙහෙස මහන්සි වී මුදල් ඉපයීමට සිදුවේ.
  • වෙහෙස මහන්සි වී කටයුතු කළද එයින් නිසි ප්‍රයෝජන ගත නොහැක.
රැකී රක්ෂා
  • හස්ත කර්මාන්තය වැනි නව ව්‍යාපාරික ඇරඹීමට පුළුවන.
  • රැකියාවෙන් අස්වීම හෝ විශ්‍රාම ගැනීමට සිදු වේ.
  • වසරේ අග කොටසේ උසස් වීමක් හෝ ව්‍යාපාර වල දියුණුවක් දැක ගත හැකි වේ.
ගෘහ ජීවිතය
  • වාසනාවන්ත කාලයක් වේ. සුදුසු වයසක නම් විවාහය සිදුවීමටද නියමයි. දරු ශිෂ්‍ය ලාභ ලැබේ.
  • සිතට කයට සැප ලැබෙන කාලයකි. දියුණුවටද ඉඩ තිබේ.
  • හොඳ ආහාරපාන වර්ගද, වාහන ද ලැබෙන්නට පුළුවන.
  • අනුමානයට කරන වැඩ වලින් දියුණුව ලැබේ. ශරීර සනීපය ලැබේ.
  • නීතිය පිළිබඳ කටයුතු වලට හසුවීමටද පුළුවන.
  • අලංකාරයට, සැපයට අවශ්‍ය දේ ලැබේ.
  • ස්වාමිපුරුෂයා සමඟ හිතවත්ව කාලය ගත කිරීමට ලැබේ. නමුත් රහස් සම්බන්ධකම් මතුවීමට පුළුවන.
  • සමහර විට වාසස්ථාන පිළිබඳ වෙනසක් හෝ නිදා ගත් තැන වෙනසක් වීමක් සිදුවේ. පිට තැන්වල නිදා ගැනීමට සිදුවේ.
  • බොරු චෝදනාවකට හසු වීමකට ද ඉඩ ඇත. කවුරු හෝ තමාගේ වරදක් ගැන කියනවා ඇත.
  • වැදගත් රාජකාරියක් නැතත් විවේක රහිත බවක්ද පෙන්වයි. සිත එක් විදිහකට නොපවති.
  • පියාටද අගුන කාලයකි. සිතට කණගාටුව ඇති කරන කරුණු සිදුවේ.
  • තරමක් කේන්ති යනු කාලයකි. සමහර විට කේන්තිය නොපෙන්වා ඉවසා නිෂ්ශබ්ද වෙයි.
  • ශරීරයට ගිනි සැරයක් වැදිය හැකියි. සමාජයෙන් අනවශ්‍ය කරදර වරින් වර ඇතිවන කාලයකි. මේ නිසා තම වැඩ කටයුතු අතපසු වේ.
  • මහ රත්‍රියේ නිදිවරාගෙන ප්‍රයෝජනයක් නැති ගමන් යාමට සිදුවේ. සමහර විට එයින් සුලු විනෝදයක් විතරක් ඇති වේ.
  • අවිවාහක අයට නම් ස්ත්‍රීන් සම්බන්ධකම් හෝ ස්ත්‍රීන් සමඟ ආශ්‍රයට ඉඩ ලැබේ. ස්ත්‍රීන්ට පුරුෂ සම්බන්ධකම් ඇති වේ.
  • පවුලේ වැඩිහිටියකුට මාරකයක් ඇතිවීමට පුළුවන.
  • දේපළ පිළිබඳ තණ්හාවක් ඇති වේ. වංචාකරයන්ගේ හෝ නරක මිනිසුන්ගේ ආශ්‍රයට වැටේ.
  • වෙහෙස ඇති සතුට නැති ගමන්, මවුපියන් සමඟ අමනාප ඇති කරගන්නා කාලයකි.
අධ්‍යාපනය
  • අලුත් දේ ඉගෙනීමට ලැබේ.
  • ලියකියවිලි වැඩ, ඉගැන්වීම් කිරීමට සිදුවේ.
  • ඉගෙනීම් වලින් පහල බසී. විභාග වලට එතරම් ශුභ කාලයක් නොවේ.
සෞඛ්‍යය
  • උණ හෝ හිසේ කැක්කුම් ගතියක් හෝ හිසට තුවාලයක් හෝ ඇතිවිය හැක.
  • උදරාබාධයක් හෝ හෘදයේ කැක්කුමක් හෝ අධික රුධිර පීඩනය හෝ ඇදුම ගතියක් ඇතිවිය හැක.
  • ඇස් වල දෝෂයක් හෝ ශරීරය උෂ්ණත්වය සාදන අසනීපයක් හෝ ශරීරය වෙවුලීමක් හෝ ගිනි භයක් හෝ ඇති කිරීමට ඉඩ තිබේ.
  • සුළු වශයෙන් හෝ එයින් එක් පීඩාවක් හෝ ඇති කෙරේ.
ශුභ තොරතුරු
  • ශුභ දවස්: ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
  • ශුභ අංකය: 3, 5, 6, 8
  • ශුභ වර්ණය: කහ
  • ශුභ මැණික්: පුෂ්පරාග
මෙම පලාපලය පොදුවේ ධනු ලග්න හිමියන් සඳහා වන අතර, එය නිවැරදිව ඔබට බලපාන ආකාරය නිශ්චය කර ගැනීමට ඔබේ පුද්ගලික ජන්ම පත්‍රය විමසා බැලීම අවශ්‍යය.

මකර ලග්න පලාපලය

ධනය
  • මුදල් හදල් ලැබුණාද අධික ලෙස වියදම් වන කාලයකි.
  • ධනය වියදම් වන්නේ බොහෝ දුරට වැදගත් කමක් නැති දේවල් නිසා සිතේ ප්‍රීතිය අඩු කරයි.
  • වසරේ මැදට යත්ම වෙළදාම් වලින් පාඩු සිදු වේ.
රැකී රක්ෂා
  • රැකී රක්ෂා වලින් උසස් වේ. ව්‍යාපාර වලින් ලාභ ලැබේ. දියුණුවක් ඇති වේ.
  • දියුණුව සඳහා කරගෙන යන කටයුතු තව තවත් විශාල වේ. ආදායම වැඩිවේ.
  • පතල් වැඩ වලින්ද ඒවා පිළිබඳ ගනුදෙනු වලින්ද ලාභ ලැබෙන කාලයකි.
  • රැකියාවේ ඇතිවන ප්‍රශ්න නිසා සිතට කණගාටුවද, දුකද ඇති වේ.
ගෘහ ජීවිතය
  • සිතට ප්‍රීතිය ගෙන දෙන කාලයකි. ශරීර සනීපයට ද හේතු වේ.
  • කරගෙන ආ කටයුතු මෙන්ම අළුතෙන් ආරම්භ කරන කටයුතු ද දියුණු වේ. තත්වය උසස් වේ.
  • සතුරන්ගෙන් ජය ලැබේ. තම බලය වැඩි වේ. දේපළ ලාභ ලැබේ. අයිතිවාසිකම් ලැබේ.
  • උසස් අය හා ආශ්‍රය ඇති වේ. උසස් අයගෙන් උපකාරද ලැබේ.
  • අසනීප වලින් සුවය ලැබේ. නොයෙක් ද්‍රව්‍යමය ලාභ ලැබේ.
  • උත්සව වලට සහ සමාගම් වලට ආරාධනා ලැබේ. වාසනාවන්ත කාලයකි. නම හොඳ වේ. නම්බුව ලැබේ.
  • අළුත් මිතුරන් ඇති වේ. භූමියෙන් ලාභ ලැබේ.
  • ස්ත්‍රීන් සමඟ ප්‍රීති වීමට ලැබෙන කාලයකි. ස්ත්‍රී සැපද, මංගල යෝග ද ඇති වේ.
  • ණය ගනුදෙනු වලින්ද, ඉඩකඩම් හා ගෙවල් බදු දීම් වලින්ද ලාභ ලැබේ.
  • තමාගේ කටයුතු වලට මහළු අයගෙන්ද, වැඩිහිටි අයගෙන්ද උපකාර ලැබේ.
  • දියුණු නුවණින් කරන කටයුතු වලින්ද, උත්සාහයෙන් කරන කටයුතු වලින්ද ලාභ ලැබේ.
  • ආදර බන්ධන වලින් සිත් තැවුල් ඇති වීමට පුළුවන. කම් සැපට බාධා ඇති වේ.
  • ශරීරය අසනීප ගතියක්ද සෑදීමට පුළුවන.
  • භාර්යාවගෙන් හෝ ස්වාමිපුරුෂයාගෙන් හෝ මිතුරන්ගෙන් තම සිතට ප්‍රීතියක් ඇති නොවේ.
  • ගෙදර තම සිත් අසතුටු වීමට හේතුවන කරුණු ඇති වෙත්. ඉන්ද්‍රියන් පිනවන දේ වලින් තමාට කිසිම ප්‍රීතියක් ඇති නොවේ.
  • සතුරන් සමග අවුලක් හෝ ආශ්‍රය කල හිතවතෙක් සමඟ අමනාපයක් ඇති වීමත්, ඒ නිසාම තමාට සිටි තැනින් ඉවත්ව යාමට සිතනා කාලයකි.
  • සතුරන් සිටිනවා නම් ඔවුන්ගෙන් විපත්ති ඇති කල හැකිය. කරදර දායක කාලයකි.
  • පවුලේ අය අතර, අසල්වැසියන් හෝ ඔවුනොවුන් අතර වෙනස්කම් මතු වීමට ඉඩ තිබේ.
  • හදිසි අනතුරක් වීමට, අඹු දරුවන් අතර ආරවුල් ඇතිවීමට හැකි බැවින් විශේෂයෙන් ඉවසීමෙන් ක්‍රියා කල යුතුයි.
  • නෑයෙක් හෝ මිත්‍රයෙක් සමග ආරවුලක් ඇති වීමට නියමයි.
  • අවි ආයුධ වලින් තුවාල සිදු වීමට පුළුවන. තම වටිනා දේ නැති වීමට හෝ හොරකම් කිරීමටද සිදුවිය හැකිය.
  • සුළු වශයෙන් වුවත් ඇඳුම් පැළඳුම්, රෙදි පිළි ආදිය මිලදී ගැනීමට ලැබේ.
අධ්‍යාපනය
  • තම ඥාණය වැඩි දියුණු වේ.
  • බොහෝ වෙහෙස මහන්සි වී ඉගෙනීමට සිදුවේ. විභාග වලින් ජය ගැනීමට නම් මනා කැප කිරීමක් සිදුකල යුතුයි.
  • කාර්මික දේ ඉගෙන ගැනීමට හොඳ කාලයකි. ඒවායින් ප්‍රයෝජනද ලැබේ.
  • යන්ත්‍ර සූත්‍ර වල වැඩ, මැකැනික් වැඩ ඉගෙන ගැනීම සඳහා යහත් කාලයකි.
සෞඛ්‍යය
  • බඩේ අජීර්ණ වලට හේතුයි. බඩගින්න අඩුවේ.
  • රක්තවාතාබාධ ඇති අයට මේ කාලයේදී එය උත්සන්න වේ.
  • කෑම නොදිරවීමේ ආබාධ ඇති වේ.
ශුභ තොරතුරු
  • ශුභ දවස්: අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
  • ශුභ අංකය: 6, 8, 9
  • ශුභ වර්ණය: නිල්
  • ශුභ මැණික්: නිල් මැණික්
මෙම පලාපලය පොදුවේ මකර ලග්න හිමියන් සඳහා වන අතර, එය නිවැරදිව ඔබට බලපාන ආකාරය නිශ්චය කර ගැනීමට ඔබේ පුද්ගලික ජන්ම පත්‍රය විමසා බැලීම අවශ්‍යය.

කුම්භ ලග්න පලාපලය

ධනය
  • ධන හානි වීමට පුළුවන.
  • සමහර විට අනුන්ගෙන් ධනය පවා ලැබෙන්නට පුළුවන, නමුත් වැඩි කලක් එයින් භුක්ති විඳීමට නොහැක.
  • අධික වියදම් ඇති වේ. නිෂ්ඵල දෙයට වියදම් වේ.
  • මුදල් රැඳෙන්නේ නැති කාලයකි. මිල මුදල් අතින් තද අවහිරකම් ඇති කරයි.
  • ලැබෙන්නට තිබෙන මුදල් පවා නොලැබී යාමට පුළුවන. ණය ගනුදෙනුවකට බැඳෙන්නට පුළුවන.
  • තම උවමනා එපාකම් පිරිමසා ගැනීමට අවශ්‍ය ප්‍රමාණයට මුදල් ලැබෙනවා ඇත.
රැකී රක්ෂා
  • රැකියාවෙන්, ව්‍යාපාර වලින් ලාභ ලැබෙන්නට පුළුවන.
  • වාසනාවන්ත රැකියාවකට හෝ වාසනාවන්ත තත්වයකට යාමට ඉඩ ලැබේ.
  • වෙළඳාම් කරන අයගේ වැඩි දියුණුවක් ඇති වේ.
  • රජයේ රැකියාවල නියුතු අයට වැඩිපුර ගරු සැලකිළි ලැබීම සහ තනතුරු වලින් උසස් වීමට නියමයි.
  • ටික ටික ලැබෙන මුදල් ඒකවර ලැබෙන්නට පුළුවන.
  • රජයේ කටයුතු කරන අයට යහපත්ය.
ගෘහ ජීවිතය
  • හදිසි අනතුරු විපත් ඇති වීමට පුළුවන. සැප පහසුව මදක් අඩුවේ.
  • ශරීර ලස්සන නැති වී යා හැක. අනුන්ගෙන් යැපෙන්නට පවා සිදුවිය හැකිය.
  • ගව ආදී සිවුපා සතුන්ගේ විනාශ ඇති වේ.
  • භාර්යාවට සහ දරුවන්ට විපත්ති දායක කාලයකි.
  • තැන තැන ඇවිද යාමට සිදුවේ. රැවටිලි වලට හා වංචා වලට හසුවේ.
  • දුර්වල හෝ පහත් අයගේ රැවටිලි වංචා වලට හසුවේ.
  • ස්ත්‍රීන්ට පුරුෂයන් සමගද, පුරුෂයන්ට ස්ත්‍රීන් සමඟද ආශ්‍රයට යාම නිසා කෝලහල ඇතිවිය හැක.
  • පවුලේ අවුල් වියවුල් අසමගිකම් ඇතිවේ.
  • හිතවත් ඥාතියකුගේ මරණයක් නියමයි. සමහර විට තම භාර්යාවට හෝ ස්වාමිපුරුෂයාට මරණය හෝ දරුණු අසනීප සිදුවිය හැකියි.
  • චෝදනා, නින්දා, අපහාස ලැබෙන්නට පුළුවන් කාලයකි.
  • වසරේ මැදට යත්ම (දෙවන භාගයේදී): ඉහත තත්වය මදක් වෙනස් වේ. නොයෙක් ක්‍රම වලින් වාසනාව උදා වේ.
  • කරගෙන එන කටයුතු වල දියුණුවක්ද, අළුත් ඥාති හිත මිත්‍රාදීන් ලැබීමද, ඒ අයගෙන් උපකාර ලැබීමද, ගෘහ ජීවිතය සැපවත් වීමද, ගෙදරදී කරන කටයුතු සඵල වීමද සිදුවේ.
  • ගෙදර අලංකාරය ඇති වන ලෙස බඩු, ඇඳුම් ආදිය පමණක් නොව වස්තූන් ද ලැබෙන කාලයකි.
  • නැවතී තිබෙන කටයුතු නැවත පටන් ගැනීම, නොයෙක් කටයුතු වලින් ලාභ ලැබේ.
  • යහපත් උසස් දරු ශිෂ්‍යයන් ලැබේ. උසස් නිල තල, ඇඳුම් පැළඳුම්ද, අලංකාර වස්තූන්ද ලැබේ.
  • පවුලේ අය සමඟ අසමගියත්, තම ස්වාමිපුරුෂයා හෝ භාර්යාව සමග ගැටළු සහ ඔවුන් අසනීපවීම හෝ නොගැළපෙන සම්බන්ධකම් වල පැටලීම සිදුවේ.
  • වසරේ මැද කාලයෙන් පසු වාසනාව පැමිණෙනවා ඇත. සතුටින් ජීවත් වීමට දරන උත්සාහයෙන් ප්‍රතිඵල ලැබීමටද නියමයි.
අධ්‍යාපනය
  • අධ්‍යාපනයට යහපත් වේ. කාර්යක්ෂම වේ.
  • ඉතා සියුම් දේ වුවද හොඳින් අවබෝධ වන්නා වූ ගුණයක් පැමිණෙනවා ඇත.
  • කලාව සෞන්දර්යයට ප්‍රිය වේ. ඉගෙනීමෙන් තෘප්තියක් සහ සන්තෝෂයක් ලබයි.
  • කාර්මික අංශ වලටද දක්ෂතා මෙන්ම උනන්දුවක්ද ඇති කරයි.
සෞඛ්‍යය
  • ශරීරය දුර්වල වේ. අසනීප වලට මුහුණ දේ.
  • දත් මුල් දිය වේ. දත් සෙලවෙන්නට පටන් ගනී.
  • බඩේ හෝ ඇස් වල ආබාධ සෑදෙයි.
  • අවාසනාවන්ත කාලයකි. හදිසි අනතුරු සිදුවේ. ශරීරාබාධ ගැන විශේෂයෙන් පරිස්සම් විය යුතු කාලයකි.
  • නමුත් සුළු වශයෙන් නිරෝගී කමක් ඇති කරයි.
ශුභ තොරතුරු
  • ශුභ දවස්: අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා
  • ශුභ අංකය: 3, 8, 9
  • ශුභ වර්ණය: රතු, නිල්
  • ශුභ මැණික්: කොකනිල
මෙම පලාපලය පොදුවේ කුම්භ ලග්න හිමියන් සඳහා වන අතර, එය නිවැරදිව ඔබට බලපාන ආකාරය නිශ්චය කර ගැනීමට ඔබේ පුද්ගලික ජන්ම පත්‍රය විමසා බැලීම අවශ්‍යය.

මීන ලග්න පලාපලය

ධනය
  • බලාපොරොත්තු රහිත අධික වියදම් සිදුවේ. ධන හානි වීමට නියමයි.
  • වැඩකට නැති දෙයට වියදම් කරයි.
  • නිතර නිතර ලාභ ලැබීම එහාට මෙහාට යාමට පුළුවන.
  • ගණන් හිලව්, ණය තුරස් ආදිය පියවා ගන්නට හැකි වේ.
  • කරන උත්සාහයන්ගේ ප්‍රතිඵල ලැබෙන කාලයකි. ආදායම් වැඩි වේ.
රැකී රක්ෂා
  • රැකී රක්ෂා, ව්‍යාපාර අතින් දියුණුව ඇතිවේ. වෙළඳ රැකී රක්ෂා ආදියෙන් දියුණුව ඇති වේ.
  • වෙඩි බෙහෙත්, යකඩ, අවි ආයුධ පිළිබඳ කටයුතු කරන අයට විශාල ලාභ ප්‍රයෝජන ලැබේ.
  • තම රාජකාරී කරන තැන හෝ පුද්ගලික වැඩ කරන කාර්යාලයේ කටයුතු ඉවසිලිමත්ව නුවණින් කලහොත් දියුණුව ලඟා කරගත හැක.
ගෘහ ජීවිතය
  • වසරේ මුල් කාලය: තරමක් අපල දායක කාලයකි. නොයෙක් විපත්ති කරදර, අනතුරු ඇති කරයි. හදිසි අනතුරු පවා ඇති කල හැකියි.
  • තද ලෙසම සිතට කරදර ඇති කරයි.
  • ඥාතියෙකුට හෝ ඉතා හිතවතෙකුට විපතක් හෝ මාරකයක් ඇති වේ. සමහර විට පවුලේ කෙනෙකුටද එම අපලය ගෙනදිය හැකිය.
  • තමා ගැන නරක ආරංචි පැතිරෙයි. නම නරක් වේ. තිබුණු ප්‍රසිද්ධිය නැති වේ.
  • නඩුවක් පැටලුනහොත් පරාජය වීමට පවා ඉඩ ඇත. නීතියෙන් පිහිටක් නොමැතිවේ.
  • වසරේ මැද කාලයෙන් පසු: සිත් සතුටත්, ප්‍රීතියත් මතුවේ. වැඩ කටයුතු සඵල වේ.
  • අමුතුවෙන් ආරම්භ කරන කටයුතු මෙන්ම කරගෙන යන කටයුතුද දියුණු වේ.
  • බලාපොරොත්තු වූ අදහස් සියල්ල ඉෂ්ට වේ. සෑම අතින්ම සඵලදායක කාලයකි.
  • පියා සතු දේ හිමිවේ. උසස් අයගෙන්, පියාගෙන් ලාභ ප්‍රයෝජන ලැබේ.
  • කරගෙන එන කටයුතු වල වෙනස්කම්ද සිදුවෙන්නට පුළුවන; ඒවා සිදුවන්නේ හොඳටය.
  • අලංකාරයටත්, ප්‍රසිද්ධියටත් හේතුවන බඩු ලැබෙන කාලයකි.
  • කථාවෙහි දක්ෂ වේ. තම වචනයේ බලය වැඩිවේ.
  • භාර්යාව සමඟ සතුටු සාමීචියෙන් වාසය කරන්නට ලැබේ.
  • රත්තරන්, මුතු මැණික්, රන් රිදී ආදී වස්තු ලාභ ඇති වීමටත්, රත්තරන් ආදියේ ආභරණ හේතුවේ.
  • ශරීර සැප ලැබෙන කාලයකි. වෙනත් ස්ත්‍රීන් සමඟ සම්බන්ධකම් ඇති කරගනී.
  • තමාට ස්තුති ප්‍රශංසාද, සමාජයෙහි ප්‍රසිද්ධිය හා කීර්තියද ඇති වේ.
  • ආගමික කටයුතු වලින් දියුණු වීමට මන්පෙත් පැහැදෙයි.
  • ප්‍රීතිමත් උත්සව පැවැත්වීමට හෝ ඒවාට සහභාගී වීමට ඉඩ ලැබේ.
  • සැප පහසුව ඇති වස්තු ලැබේ. සෑම අතින්ම දියුණුවට ඉඩ ඇති බැවින් අළුත් වැඩ පටන් ගැනීමට ඉතා හොඳ කාලයකි.
අධ්‍යාපනය
  • අළුත් දේ ඉගෙනීමට ලැබේ. ඉගෙන ගැනීමට දක්ෂකමක්, උනන්දුවක් ඇති වේ.
  • නීති විද්‍යාව, සමාජ විද්‍යාව, දේශපාලන විද්‍යාව වැනි කටයුතු වලින් ප්‍රතිඵල ලැබේ.
  • කලා සෞන්දර්ය, චිත්‍ර කලාව වැනි කලා විෂයන්ටද හොඳ හැකියාවක් ඇත.
  • අධ්‍යාපනයට හොඳ කාලයකි. විභාග වලින් සමත් වේ. කටයුතු වල දක්ෂ වේ.
සෞඛ්‍යය
  • ශරීර සෞඛ්‍ය වඩාත් යහපත් වේ.
  • කලක සිට අසනීප වලින් පෙළෙන්නෙකුට නම් මේ කාලයේදී තව තවත් ලෙඩ වැඩිවේ.
  • පාදයක ආබාධයක් ඇතිවිය හැකිය; එය දුක් වේදනා විඳිනා සුළු වෙයි.
  • ශරීර සෞඛ්‍ය පිළිබඳ වඩාත් උනන්දුවෙන් සිටිය යුතුයි. ශරීරයේ බර අඩුවේ.
  • අසනීපයක් වැළඳුණහොත් සුවවීම ප්‍රමාද වේ.
  • හෘද්‍යාබාධ, වාතාබාධ ඇති අයට බරපතල නපුරු රෝග පවා එයින් මතු වන්නට පුළුවන.
  • ස්ත්‍රීන්ට නිතර පීඩා දෙන අසනීප වැළඳෙන්නට පුළුවන.
ශුභ තොරතුරු
  • ශුභ දවස්: අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
  • ශුභ වර්ණය: රතු, කහ
  • ශුභ අංකය: 3, 9
  • ශුභ මැණික්: පුෂ්පරාග, වෛයිරෝඩ්
මෙම පලාපලය පොදුවේ මීන ලග්න හිමියන් සඳහා වන අතර, එය නිවැරදිව ඔබට බලපාන ආකාරය නිශ්චය කර ගැනීමට ඔබේ පුද්ගලික ජන්ම පත්‍රය විමසා බැලීම අවශ්‍යය.